කැරට් ගැන ඔබ දත යුතු සියල්ල

කැරට් කියන්නේ බොහොම රසවත් වගේම ගුණවත් ශරීරයට රන් හා සමාන වටිනා එළවළුවක් අමුවෙන් වගේම විවිධ ආකාරයට ආහාරයට එක්කර ගන්නා කැරට් ගැන තමයි අද අපි ‘Angels’ තුළින් ඔබට කරුණු රැගෙන එන්නේ.

වර්තමානයේ කැරට් තැඹිලි වර්ණයෙන් තිබුණත් මීට ශතවර්ෂ ගණනාවකට පෙර මිනිසා කැරට් හඳුනාගෙන සිටියේ දම් පැහැයෙන් යුක්ත එළවළුවක් විධියටයි.

කැරට්වල අන්තර්ගත ‘ඇන්තොසයනින්ස්’ වර්ණකය නිසා 17 වැනි සියවසට පෙර ලෝකයේ තිබුණු සියලුම කැරට් ප්‍රභේද දම් පැහැයෙන් යුක්ත වෙලා තිබෙනවා.

කොහොම වුණත් දැනට සොයාගෙන ඇති කරුණුවලට අනුව අද වන විට නෙදර්ලන්තය ලෙස හඳුන්වන ඕලන්ද රටේ ගොවීන් තමයි කැරට්වල මේ වර්ණය වෙනස් කරන්න මූලික වෙලා කටයුතු කරලා තිබෙන්නේ. ‘House of Orange’ ලෙස හැඳින්වෙන පෙළපතක් තමයි එවකට ඕලන්දයේ පැවතිලා තිබෙන්නේ. මොවුන් තමන්ගේ රාජකීය වර්ණය ලෙස යොදාගෙන තිබෙන්නේ තැඹිලි වර්ණය.

එපමණක් නොවෙයි ඔවුන් තම කුමාරයා පවා හඳුන්වා තිබෙන්නේ “ඔරේන්ජ් හි කුමාරයා” කියන නමින්. ඕලන්දයේ ගොවීන් තමන්ගේ රජුට ගෞරව දැක්වීමක් විධියට තමයි විවිධ මුහුම් ක්‍රම මඟින් දම්පාට කැරට් තැඹිලි පාට කරන්න කටයුතු කරලා තිබෙන්නේ.

Cutting Hacks

– කැරට් අලයක් ඉක්මනින් තීරු කර ගැනීම ටිකක් අපහසු කටයුත්තක්. නමුත් පීලරයක් සහ පිහියක් භාවිත කිරීමෙන් එය තරමකට පහසු කර ගත හැකියි. මුලින්ම පීලරය භාවිතයෙන් කැරට් අලයේ පොත්ත ඉවත්කොට දෙපසින් කොටස් දෙකක් කපා ඉවත් කරන්න. අනතුරුව කැරට් අලය හොඳින් සෝදන්න. මීළඟට කැරට් අලය Cutting Board එකක් මත තබා පීලරය මඳක් තද කොට කැරට් අලය සිහින් පෙති ආකාරයට කපා ගන්න. දැන් ඔබට පිහියක් ආධාරයෙන් එම දිගටි පෙති පහසුවෙන්ම සිහින් තීරු ලෙස කපාගත හැකිය.

කැරට් ගැන නොදන්න කතා

යුරෝපයේ කැරට් දකින්නට ලැබී තිබෙන්නේ 9-13 අතර කාලයේදීය. පසුව චීනයට, ජපානයට ව්‍යාප්තව 1607 දී ඇමරිකාවට ව්‍යාප්තව ඇත.

Health Benifits

– අක්ෂි සෞඛ්‍ය වර්ධනය කරයි.

– සිරුරේ බර අඩු කරයි.

– පිළිකා සෛල මර්දනය කරයි.

– දන්ත සෞඛ්‍ය ආරක්ෂා කරයි.

– ප්‍රතිශක්තිකරණය වැඩිදියුණු කරයි.

– ශරීරයේ විස හරණය කරයි.

– ආහාර ජීර්ණය පහසු කරයි.

– රුධිර පීඩනය අවම කරයි.

– කාන්තාවන්ගේ ඔසප් ගැටලු සමනයට උපකාර කරයි.

– දියවැඩියාව ඇතිවීමේ අවදානම අවම කරයි.

හදන රස කෑම

– කැරට් ජූස්

– කැරට් වෑංජනය

– කැරට් මෆින්

– කැරට් සම්බෝලය

– කැරට් තෙම්පරාදුව

– කැරට් ෂේක්

– කැරට් ටොර්ටිලා

– කැරට් බත්

– කැරට් ‍ෙදා‍ෙදාල්

– කැරට් කේක්

– කැරට් හල්වා

– කැරට් සුප්

– කැරට් සෝස්

– කැරට් පෝරියල්

– කැරට් කුකීස්

– කැරට් පෑන්කේක්

කැරට් ප්‍රභේද

ද Nantes

ද Chanteny Carrots

ද Baby Carrot

ද Early Nantes

ද Royal Chantenay

ද Ten dersweet

ද Thumbelina

ද Autumn king

ද Royal Cross

ද Imperator

ද Danvers

ද Purple Carrots

ද Yellow Carrots

ද White Carrots

ද Rainbow Carrots

Cooking Hacks

කැරට් දින කිහිපයක් ආරක්ෂිතව ගබඩා කර තැබීමට අවශ්‍ය නම් එයට පහසුම මාර්ග 02ක් තිබේ. එකක් නම් පෙට්ටියකට තෙත සහිත වැලි පුරවා ඒ තුළ කැරට් ගබඩා කිරීමයි.

අනෙක් ක්‍රමය නම් අපට හුරුපුරුදු ශීතකරණය තුළ ගබඩා කිරීමයි.

නමුත් කිසි විටෙකත් ඇසුරුමකින් තොරව කැරට් ශීතකරණය තුළ තැබීම යෝග්‍ය නොවේ. මෙයට හොඳම ක්‍රමය ප්ලාස්ටික් බෑග් භාවිත කිරීමයි. තෙතමනය හොඳින් රඳවා තබා ගන්නා නිසා මෙම ඇසුරුම් තුළ කැරට් වියළීමට ලක්වන්නේ නැත.

කැරට් තෝරා ගැනීමේදී මතුපිට සිනිඳු, විකෘති හෝ පලුදු නොවූ කැරට් තෝරා ගැනීමට සැලකිලිමත් වන්න. සෝදාගත් කැරට් සහ සෝදා නොගත් කැරට් අතර විශාල වෙනසක් නොමැති වුවත් සෝදාගත් කැරට් අනෙක්වාට සාපේක්ෂව ගබඩා කර තබා ගත හැකි කාලය අඩුය.

කැරට් ගැන නොදන්න කතා

කැරට්වල පැවැත්ම මීට වසර 4000ටත් පෙර අතීතයෙන් සොයාගෙන ඇත.

Beauty Tips

පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට කැමති කෙනකුට නිවෙසේදීම කැරට්වලින් ෆේස් මාස්ක් එකක් සකසා ගන්නා ආකාරය තමයි අද අපි ඔබට අරගෙන එන්නේ.

අවශ්‍ය ද්‍රව්‍ය :

කැරට් අල 02

වතුර කෝප්ප 01

ඇලෝවේරා ජෙල් තේ හැඳි 01

ආමන්ඩ් ඔයිල් තේ හැඳි 01

කැරට් ගැන නොදන්න කතා

කැරට්වල මුල් වර්ණය දම් වර්ණයයි

කැරට් ගැන නොදන්න කතා

කැරට්වල විසක් අන්තර්ගත වෙලා තිබෙනවා කියලා සැක කරපු මිනිස්සු ක්‍රි.පූ. 100 පමණ දක්වාම කැරට් ආහාරයට ගැනීමට බිය වෙලා තිබෙනවා.

සාදාගන්නා ආකාරය :

හොඳින් පිරිසුදුකොට ගෙන සෝදා ගත් කැරට් ගේ්‍රටරයක් මඟින් සිහින්ව ගා ගන්න. වතුර කෝප්පයක් පමණ ගෙන ළිප තබා හොඳින් රත් වන විට එයට ගේ්‍රට් කරගත් කැරට් එක් කරන්න. විනාඩි 10කට පසු කැරට් කැබලි ටික පෙරාගෙන එහි ජලයෙන් ස්වල්පයක්ද සමඟ බ්ලෙන්ඩරයක් මඟින් හොඳින් මිශ්‍ර කර ගන්න. දැන් එම පල්පයට ආමන්ඩ් ඔයිල් සහ ඇලෝවේරා ජෙල් එක්කොට හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙම මිශ්‍රණය පින්සලයක් මඟින් මුහුණේ සෑම ස්ථානයකම හොඳින් ආලේප කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *