පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (21) සහ හෙට (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර ඉන් අනතුරුව විවාදය ආරම්භවීමට නියමිතයි.
පාස්කු ඉරුදින ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂාව පිළිබඳ මෙම කල්තැබීමේ විවාදය විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


