තවමත් රට මෙහෙයවීම සිදුකරනු ලබන්නේ රජපක්ෂවරුන් විසින් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත්කළ සියලු පිරිස් වත්මන් ජනාධිපතිවරයා යටතේද සිටින බවයි.
රාජපක්ෂවරුන් එළියේ සිටියද පාලනය කිරීම සිදුකරන්නේ ඔවුන්ගේ නියෝග අනුව බවත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජපක්ෂවරුන් කියන දේ කරන නාමික ජනාධිපතිවරයෙක් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළා.
පාර්ලිමේන්තුව විසුරුවාහැර ජනතාවට කැමති ආණ්ඩුවක් පත් කර ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වැඩිදුරටත් සඳහන් කළේ.


