නිදහස් ජනතා සන්ධානයෙන් එළඹෙන ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ සඳහා මුළු රට ම පිළිගන්නා කීර්තිමත් පුද්ගලයෙකු ඉදිරිපත් කළ යුතු බවට නිදහස ජනතා සන්ධානය තීරණය කර ඇති බව ද දැන ගන්නට ඇත.
පසුගිය දා දින වකවානු කැඳවූ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඒ සඳහා තරග කිරීමට විපක්ෂයේ පක්ෂ ගණනාවක් එකතු වී නිදහස් ජනතා සන්ධානය ගොඩනැගූ නමුත් එම ඡන්ද විමසීම කල් ගිය නිසා එම සන්ධානයේ කටයුතු ඇනහිටියත් නැවත නිදහස් ජනතා සන්ධානයේ සාකච්ඡාවක් පසුගිය දා පවත්වා තිබේ.
නිදහස ජනතා සන්ධානයේ දේශපාලන කටයුතු නැවත සක්‍රිය කර ඉදිරි මැතිවරණවලට මුහුණ දිය යුතු බව ද තීක්ෂණ නායකයෙකු වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හා හැප්පෙන්නේ නම් විපක්ෂය එකට එක් විය යුතු බව ත් මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.
ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන්ගේ නම් කලින් යෝජනා වී තිබුණ ද දේශපාලන දැනුමක් ඇති කීර්තිමත් පුද්ගලයෙකු ඒ සඳහා ඉදිරිපත් කිරීම තුළින් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සියලු දෙනාගේ සහයෝගය ද ලබාගෙන සාමූහිකව සහයෝගයකින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුහුණ දිය හැකි බවට ද නිදහස ජනතා සන්ධානයේ සාකච්ඡාවලදී මන්ත්‍රීවරුන් කරුණු දක්වා ඇතැයි වාර්තා වේ.


