කියුබාවේ පැවති ‘G77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට ළඟා වී තිබෙනවා.
ඇමරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවරට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‘G 77 සහ චීනය’ රාජ්‍ය නායක සමුළුව පෙරේදා (15) දිනයේ ඇමතීම සිදු කළා.


