පාසල් දරුවන්ට අසභ්‍ය දර්ශන පෙන්වා අතවර කළ ගුරුවරයෙකු අත්අඩංගුවට…

පාසල් දරුවන්ට ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වා ලිංගික අතවර කළ ගුරුවරයකු ඕපනායක පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි දෙයියන්දර කැටියපේ ප්‍රදේශය පදිංචි පුද්ගලයකු බව අනාවරණය වේ.

ඕපනායක ප්‍රදේශයේ පාසලක 06වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පිරිමි හා ගැහැණු දරුවන් පහළොස් දෙනෙකුට මෙලෙස අසභ්‍ය දර්ශන පෙන්වා ලිංගික අතවර සිදුකර ඇති බව පොලීසිය පවසයි.

ඕපනායක පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කිරීමෙන් පසු මෙම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *