“රනිල් වික්‍රමසිංහට ජනමතයක් නැහැ”-එස්.එම්.මරික්කාර්


පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනපති වූ රනිල් වික්‍රමසිංහට ජනමතයක් නැති බවත්, ඔහු කිසිඳු ලෙසකින් ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරයාගේ අගමැතිකම නැතිවුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා බවත්, එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව අහිමි වුණේ පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා බවත්, එජාප මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වෙලා සමගි ජන බලවේගය සමඟ එකතු වෙන්න ප්‍රධාන හේතුව පාස්කු බෝම්බ ප්‍රහාරය බවත් පැවසු මන්ත්‍රීවරයා, ඒ නිසා පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

සජබ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ සිකුරාදා (15) පැවැති මාධ්‍ය හමුවකදී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *