Channel 4 සිදු කළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි!

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ චැනල් 4 විසින් කරන ලද චෝදනා ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ, සත්‍යය, යුක්තිය සහ ජාතියේ යහපැවැත්ම සඳහා රජයේ නොසැලෙන කැපවීම නැවත අවධාරණය කරන බවයි.

ප්‍රකාශනයේ නිදහසට සහ ගවේෂණාත්මක මාධ්‍යවේදයට ගරු කරන අතරම, වාර්තා චිත්‍රපටයේ කරන ලද පදනම් විරහිත, දූෂිත සහ දුර්වල ලෙස සනාථ කරන ලද ප්‍රකාශයන්ගෙන් පැන නගින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාක සඳහා චැනල් 4 නිසැකවම වගකිව යුතු බව ආරක්ෂක අමාත්‍යාංශය සිය නිවේදනයෙන් පෙන්වාදී තිබේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *