නාවලපිටියේ පුද්ගලයකු පස් කන්දකට යට වී ජීවිතක්ෂයට…

නාවලපිටිය, මාහකුඹුරු ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටී ඊට යට වූ පුද්ගලයකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

ඊයේ (සැප්. 2) දහවල් කාලයේදී එම අනතුර සිදුව ඇතැයි පොලිසිය පැවසීය.

අලුතින් ඉදිකිරීමට නියමිත බැම්මක අත්තිවාරම කපමින් සිටි පුද්ගලයකුගේ ඇඟ මතට එලෙස පස් කන්ද කඩා වැටී ඇත.

පස් කන්ද ඉවත් කර පුද්ගලයා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු මියගොස් තිබේ.

වෙරලුගස්හින්න, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක් එලෙස මිය ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *