අද දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව ද,මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද වැඩි දුරටත් සදහන් වේ.
එමෙන්ම දෘෘෂ්‍යලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින දහවල් 12:09 ට කොච්චිකඩේ, මාවනැල්ල, පේරාදෙණිය, ගලහිටියාව (බදුල්ල දිස්ත්‍රික්කය), දානිගල (මොණරාගල දිස්ත්‍රික්කය) සහ පරගහකැලේ (අම්පාර දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.


