දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම විභාගය අවසන් කරයි!

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් කර තිබේ.

මෙම පෙත්සම් විභාගයට ගැනුණේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේය.

එහි තීරණය කතානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබිණි.

මෙහිදී සේවක අර්ථසාධක අරමුදලට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් දීර්ඝව කරුණු දක්වා තිබිණි.

නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මෙමගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *