අපොස සා.පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කරන ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්!

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සහභාගී වූ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට රාජකාරි නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

අගෝස්තු 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලුම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා දින දෙකක රාජකාරි නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා 2023-08-28 හා 29 යන දිනයන්වල රාජකාරි නිවාඩු ලබා දීමට නියමිත අතර මෙම රාජකාරි නිවාඩු අනුමත කර ගැනීම සඳහා උක්ත නිලධාරීන් විසින් ඇගයීම් කටයුතුවලට සහභාගි වූ බවට තම පැමිණිමේ සහතික අදාළ අනුමත කිරීමේ බලධාරීන්ට ඉදිරිපත් කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *