ළමා නිළියකගේ අසභ්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය කළ ලාබාල තරුණයකු අත්අඩංගුවට

ළමා නිළියකගේ අසභ්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බව කියන 15 හැවිරිදි ළාබාල තරුණයකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබේ.

බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත ඊයේ (24) පස්වරුවේ ඇප මත මුදාහැර ඇත.

අදාළ වීඩියෝ පටය සම්බන්ධව දැරියගේ මව විසින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට කළ පැමිණිල්ලකට අනුව අදාළ බාලවයස්කාර පුද්ගලයා බදාදා (23) අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ වීඩියෝ පටය ‘වට්ස්ඇප් ගෲප් එකක’ ප්‍රචාරය කළ බවට ඔහු පසුව පාපොච්චාරණය කර ඇති අතර, එය තමාට තුන්වැනි පාර්ශවයකින් ලැබුණු බව ද අනාවරණය කර ඇත.

කෙසේ වෙතත් මෙම වීඩියෝව ලබාදුන්නේ කවුරුන්ද යන්න සැකකරු හෙළිකර නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *