තම මව අපයෝජනය කළ 54 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට…

මව අපයෝජනයට ලක් කළ පුතකු රත්තොට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පනස් 53 හැවිරිදි බෝගම්බර කයිකාවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.

බෝම්බ කුමාර නමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන මෙම සැකකරු ඔහුට අයත් බව කියන හෝටලයක කාමරයක් තුළදී සිය මව අපයෝජනයට ලක් කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙන බව පොලිසිය සඳහන් කරයි.

අපයෝජනයට ලක්වූ 74 හැවිරිදි මව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව රත්තොට පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *