චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ එරට ජනතාව වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
ඒ අනුව ඉන්දියාව ලැබූ මෙම විශිෂ්ට සහ ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ අසල්වාසී සහෝදර රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව ද ආඩම්බරයට පත් වන බවයි එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.



