වතු කම්කරුවෙකුට අයත් නිවසක් කඩා දැමූ මාතලේ වතු අධිකාරිවරයකු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක නිරත වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ්, වී. රාධක්‍රිෂ්ණන්, වේලු කුමාර් සහ උදය කුමාර් යන පිරිස සභා ගර්භයේ මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.
මෙම වතු අධිකාරිවරයා පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් ජීවන් තොණ්ඩමාන් ඇමැතිවරයාද පසුගියදාක ඇල්කඩුව වතුයායේදී කලහකාරී ලෙස හැසිරී තිබිණි.


