ජනපති සහ පොහොට්ටු හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක් අද ජනාධිපති කාර්යාලයේදී…

ජනාධිපති වික්‍රමසිංහ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (18)පැවැත්වෙයි.


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර දුන් තම සාමාජිකයින් මුහුණ දි ඇති ගැටලු සම්බන්ධයෙන් විසඳුමක් ලබා ගැනීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමත් සමග නාම යෝජනා භාර දුන් හිටපු පලාත් පාලන සභිකයින්ට සමාජීය වශයෙන් සිය කාර්යන් සිදු කිරීමේදි දැඩි දුෂ්කරතාවයන්ට ලක් වීමට සිදුව තිබේ.

සාගර කාරියවසම් මන්ත්‍රීවරයා සඳහන් කළේ, රාජ්‍ය සේවයේ නිරත ඇතැම් පළාත් පාලන අපේක්ෂකයින්ට රැකියාව සිදු කිරීමේදී පවා බාධා මතුව ඇති බවයි.

මෙම තත්ත්වයන් පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර කඩිනම් විසඳුමක් ලබා ගැනීම සඳහා සාකච්ඡාව පැවැත්වෙන බව සාගර කාරියවසම් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *