රනිල්-සජිත් එක්ව මේ මොහොතේ ගමනක් යා යුතු යැයි ජනතාව යෝජනා කරන බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී
රෝහිණී කවිරත්න පැවැසුවාය.
මේ අවස්ථාවේ සියලු පක්ෂ නායකයන් අවම වශයෙන් වසර 25ක් ඉලක්ක කරගත් ජාතික වැඩපිළිවෙළක් සඳහා එකතු විය යුතු මොහොතක් බව ද මන්ත්‍රීවරිය කියා සිටියාය.
රටේ අනාගතය හා ජනතාව වෙනුවෙන් රනිල් – සජිත් එකට එකතු වී ගමනක් යා යුතු බවත් එය රටේ අනාගතය වෙනුවෙන් සිදුවිය යුතු ජාතික අවශ්‍යතාවයක් බව ද ඇය අවධාරණය කළාය.
රෝහිනී කවිරත්න මන්ත්‍රීවරිය එබව කියා සිටියේ, ඊයේ (15) දිනයේ මහනුවර උසස් බාලිකා විදුහලේ පැවති ශිෂ්‍ය පාර්ලිමේන්තුවෙන් අනතුරුව සංවිධානය කරතිබූ මාධ්‍ය හමුවේදීය.


