ඉදිරි මාස හයක කාලය තුළ මේ වන විට පවතින ආර්ථික දුෂ්කරතා සැලකිය යුතු මට්ටමකින් අඩුවනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඒ අනුව නැවත දේශපාලන අස්ථාවරත්වයක් ඇති නොවන බවයි ජන හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
නැවතුන බොහෝ ක්ෂේත්‍ර යළි පණ ගැන්වීමට ආණ්ඩුවට හැකියාව ලැබී ඇති බවත් ඉදිරි මාස හයක කාලය තුළ මේ වන විට පවතින ආර්ථික දුෂ්කරතා සැලකිය යුතු මට්ටමකින් අඩුවනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
2024 වසර යළි සුපුරුදු පරිදි නැගී සිටින වසරක් වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන සාමාලෝචනය ලංවන විට යළි වැඩවර්ජන උද්ඝෝෂණ ආරම්භ කිරීමට විවිධ පිරිස් කටයුතු කරමින් ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.


