තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකුව සිටින ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විදේශ ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අදාළ නියෝගය නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විරුද්ධව අපරාධ චෝදනා ගොනුකරන ලෙස ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත නීතිපති දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.
2020 වසරේදි පැවති පළමු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වූ ක්‍රීඩකයන් දෙදෙනකු වංචා සහ දූෂණ චෝදනා කටයුත්තක් සිදුකිරීමට සචිත්‍ර විසින් කටයුතු කිරීම සම්බන්ධයෙන් වූ විමර්ශනවලට අදාළව ප්‍රමාණවත් කරුණු අනාවරණය වි ඇති බැවින් මෙලෙස ඔහුට එරෙහිව චෝදනා ගොනුකිරීමට නියමිතය.
ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සචිත්‍රට එරෙහි විමර්ශන ආරම්භ කරනු ලැබුවේ අදාළ ක්‍රීඩකයන් දෙදෙනා විසින් ලංකා ක්‍රිකට් වංචා හා දූෂණ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කිරීමෙන් පසුවය.


