අස්වැසුම අභියාචනා විභාග කිරීම අද සිට…

අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද (14) සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

ඒ අනුව විරෝධතා විභාග කිරීමට අදාළ සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රදේශීය ලේකම්වරුන්ට යොමුකර ඇති බවයි ඒම මණ්ඩලය සඳහන් කළේ.

මේ වන විට අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව 217,000 ක් වන අතර ඒවා දින 5 ක් තුළ විභාග කර අවසන් කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව අස්වැසුම වැඩසටහන සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා විභාග කිරීමට නියමිත බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *