දඹුල්ල අවුරා LPL ලකුණු සටහනේ පෙරමුණ ගනියි

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (11) රාත්‍රී පැවැති තරගයේදී දඹුල්ල අවුරා පිල කඩුලු 7 කින් ගෝල් ටයිටන්ස් පිල පරාජය කිරීමට සමත්විය.

මෙය දඹුල්ල පිල තරග හයකදී ලැබූ සිවුවැනි ජය වන අතර ඒ අනුව ප්‍රසාද ලකුණු 8 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය.

දඹුල්ල අවුරා පිතිකරුවෝ ලකුණු 134 ක ඉලක්කය ඕවර 17.4 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

අවිශ්ක ප්‍රනාන්දු අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 49 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 70 ක් රැස්කිරීමට සමත්විය.

පළමුව පන්දුවට පහර දුන් ගෝල් පිලේ එකම සාර්ථක පිතිකරු වූ නායක දසුන් ශානක පන්දු 26 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 36 ක් රැස්කළේය.

බිනුර ප්‍රනාන්දු දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ඕවර හතරේදී ලකුණු 14 ක් පමණක් දෙමින් කඩුල්ලක් දවාගනිමින් ගෝල් පිල අඩපණ කිරීමට සමත් විය.


ගෝල් ටයිටන්ස් – ඕවර 20 කදී කඩුලු 9 ට 133 යි
(ටිස් සේෆර්ට් 15, චැඩ් බෝව්ස් 22, සකිබ් අල් හසන් 13, සොහාන් ද ලිවේරා 12, දසුන් ශානක 36, දුෂාන් හේමන්ත 31/2)

දඹුල්ල අවුරා – ඕවර 17.4 කදී කඩුලු 3 ට 134 යි
(අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 70, කුසල් මෙන්ඩිස් 18, සධීර සමරවික්‍රම 25, ළහිරු කුමාර 31/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *