ජනපති හා කඳුකරයේ දෙමළ දේශපාලන පක්ෂ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් ලබන සතියේදී…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ කඳුකරය නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙලෙස ජනාධිපතිවරයා මුණගැසීමට සුදානම් වන්නේ, ලංකා කම්කරු සංගමය ,දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය ඇමැති ඒ.අරවින්ද කුමාර් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩි⁣වෙල් සුරේෂ් යන පිරිසයි.

මෙම සාකච්ඡාවේදී කඳුකරයේ ජිවත්වන ජනතාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ එම ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පසුගිය ඉන්දීය සංචාරයේදී මෙරට කඳුකරයේ ජනයා වෙනුවෙන් ඉන්දියාව ලබාදීමට පොරොන්දු වූ රුපියල් කෝටි 300 ක මුදල පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමුකිරිමට නියමිතව ඇතැයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *