නෙළුම් කුළුනට අලාභ හානි කළ තරුණ පිරිසක් අත්අඩංගුවට…

අනතුරු ඇඟවීම් සහ දැනුම්දීම් නොතකා කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියට අලාභහානි සිදුකළ තවත් තරුණ පිරිසක් ඊයේ(09) අත්අඩංගුවට ගත් බව එහි කළමනාකාරීත්වය පවසයි.

නෙළුම් කුළුණේ කළමනාකාරීත්වය මරදාන පොලිස් ස්ථානයට දන්වා පියවර ගෙන ඇති අතර, විත්තිකරුවන් පොලිස් ස්ථානයට කැඳවා ඇත.

නෙළුම් කුළුණ කළමනාකාරීත්වය පවසන්නේ, ජනමාධ්‍ය මගින් දැනුවත් කිරීමෙන් පසුවද මෙවැනි සිදුවීම් සිදුවීම කණගාටුවට කරුණක් බවයි.

“මෙම පොදු වත්කම ආරක්ෂා කිරීම අපගේ යුතුකමක්. කෙසේ වෙතත්, නෙළුම් කුළුණේ බිත්තිවලට සහ යකඩ වැටවලට හානි කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ,” යැයි පාලනාධිකාරිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *