සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය පිළිබඳ විවාදය ලබන සිකුරාදා…

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් ලබන සිකුරාදා රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

සිකුරාදා පෙරවරු 10.30ට එම කාරක සභාව රැස්වීමට නියමිත අතර මෙම සතිය තුළ සාමාන්‍ය පරිදි මීට පෙර න්‍යාය පත්‍රයට අනුව පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාට ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *