විවාහ උත්සවයට ගත් ණය ගෙවන්න නැන්දම්මාගෙ මාලය හොරකන් කළ ලේලිය අත්අඩංගුවට…

විවාහ උත්සවය සිදු කිරීමට ණයට ලබාගත් මුදල් ගෙවීමට නැන්දම්මාගේ රන්මාලය සොරාගත් ලේලිය අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි තොටකනන්ත, හබුරුගල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව වාර්තා වේ.

රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා මෙම රන්මාලය ලේලිය විසින් බැංකුවක උගස් කර තිබියදී සොයාගත් බව පොලීසිය පවසයි.

උගස් කර ලබාගත් මුදලින් විවාහ උත්සවය සඳහා ණයට ගත් මුදල් ගෙවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් ලේලිය අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *