පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි.

පාර්ලිමේන්තුව හෙට (08) සිට ලබන 11 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

හෙට පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා 2023 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *