වවුනියාව සිට යාපනය දක්වා ගමන්ගත් බස් රථයක් ඊයේ(03) රාත්‍රියේ වවුනියාව,පුලියන්කුලම,පුතූර් මංසන්ධිය ආසන්නයේදී අනතුරට ලක්ව පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පුලියන්කුලම පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ බස් රථය මාර්ගය අසළ බෝක්කුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර, අනතුරින් බස් රථයේ රියදුරු හා මගියෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි.
බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති අතර, තුවාලකරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය.
පසුගිය දින කිහිපයක කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ කිහිපයක්ම අනතුරට පත්විණ.
සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


