ලිට්‍රෝ ගෑස් මිල අද (04) දිනයේ සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මාසිකව සිදුකරන මිල සංශෝධනය අනුව අද දිනයේ නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවයි සඳහන් වන්නේ.
මේ වනවිට ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වැඩි අගයකින් ඉහළ ගොස් ඇති බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් සඳහන් කළේ.


