EPF ETF අරමුදල් වලින් රජයට ලබා දී ඇති ණය කපා හැරීම් වැළැක්වීමේ පෙත්සම සලකා බැලීම අගෝස්තු 9 දක්වා කල් තබයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල විසින් ණය වශයෙන් රජයට ලබාදී තිබෙන මුදල් කපාහැරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම අගෝස්තු 09 වනදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

සේවක අර්ථසාධක අරමුදලේ තැන්පත් කර ඇති මුදල්වලින් 93%ක් සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල තැන්පත් කර ඇති මුදල් වලින් 86%ක් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා මහ බැංකු බැඳුම්කරවල ආයෝජනය කර තිබෙන බවයි ඔවුන් සිය පෙත්සම මඟින් පෙන්වා දෙන්නේ.

එසේ රජය විසින් සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලේ සහ සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාගත් ණය කපා හැරීම තුළින් මිලියන විස්සකට අධික වැඩ කරන ජනතාවකට දැඩි අසාධාරණයක් සිදුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *