චීනයේ පාසල් ළමුන්ට රාත්‍රී කාලයේ අන්තර්ජාලය භාවිත කිරීම තහනම් කරයි

ළමුන්ට ස්මාර්ට්ෆෝන් භාවිත කිරීම සදහා දිනකට උපරිම වශයෙන් ලබාදිය හැක්කේ පැය දෙකක කාලයක් බවට චීන රජය තීරණය කර ඇත.

මෙම නිවේදනයෙන් පසු චීන තාක්ෂණික සමාගම්වල කොටස් සීඝ්‍ර ලෙස පහත වැටී ඇත.

දැනටමත් රජයේ පාලනය හේතුවෙන් පීඩනයට පත් ව සිටින චීන තාක්ෂණික සමාගම්, චීන රජයේ නව නීතිය හේතුවෙන් තවදුරටත් පීඩනයට පත්ව ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එහිදී, අන්තර්ජාල භාවිතය වයස අවුරුදු 16ත් 18ත් අතර පරිශීලකයන්ට දිනකට පැය දෙකක් ද, අවුරුදු 16ට අඩු පරිශීලකයන්ට දිනකට පැයක් ද අවුරුදු 08ට අඩු දරුවන්ට විනාඩි 08ක් ලස ද සීමා කර ඇත.

මෙම යෝජනාව මත රාත්‍රී 10.00 සිට පෙරවරු 06.00 දක්වා හදිසි ඇමතුම් සහ අනුමත යෙදුම් පමණක් ක්‍රියාත්මක කළ හැකි වේ.

විනාඩි 30ක් දුරකතනය භාවිතා කළ විට ඉන් මිදී විවේක ගැනීමට pop – up පණිවිඩයක් හරහා දරුවන්ව දැනුවත් කිරීමද සිදු වේ.

මෙම නිවේදන චීනයේ ආයෝජනයකින් විමතියට පත් කර ඇත.

මෙම නීතිය හමුවේ විශාල තාක්ෂණික සමාගමක් වන Tencent හි කොටස් 03%කින් ද BiliBili වීඩියෝ සේවාව 07%කින් ද චීන ඊ- වාණිජ සමූහය වන ,Alibaba 03%කින් ද පහත වැටී ඇත.

චීනයේ විශාල ලාභ ලබන ආයතන රැසක ආදායම්වලටද මෙම පියවර හරහා පහර එල්ල වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *