ලංකාව කංසා කර්මාන්තයේ ප්‍රමුඛයා කිරීමට ඩයනා සූදානම්…

කංසා වගාව ගෝලීය වශයෙන් ප්‍රමුඛත්වයට පත්වෙමින් පවතින අතර, ශ්‍රී ලංකාවට මෙම කර්මාන්තයේ ප්‍රමුඛයා වීමේ හැකියාව පවතින බව සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ පවසයි.

ශ්‍රී ලංකාව තුළ කංසා වර්ග 22 ක් ඇති බවත්, කංසා වලින් ලබාගත හැකි ඖෂධීය නිෂ්පාදන රාශියක් ඇති බවත් පෙන්වාදෙන රාජ්‍ය ඇමැතිනිය, ශ්‍රී ලංකාවට වගාවෙන් සහ අපනයනයෙන් ප්‍රයෝජන ගැනීමට සැළකිව යුතු අවස්ථාවක් උදාකර දීමට සූදානම් බවද සඳහන් කරයි.

රාජ්‍ය ඇමැතිවරිය මේ බව පැවසුවේ, ‘ස්ථාවර රටකට සාමූහික මාවතක්’ යන තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ(01) පැවැති ජනමාධ්‍ය හමුවකදීය.

අක්කර දහයක කංසා වගාවකින් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් පමණ උපයා ගැනීමේ හැකියාව පවතින බවද ඇය එහිදී පෙන්වාදෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *