“2024 මැතිවරණ වසරක් වේවි”- රුවන් විජේවර්ධන

2024 වසර මැතිවරණ වසරක් වනු ඇති බවද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි.

ඉදිරි මැතිවරණවලට මුහුණදීම සඳහා තම පක්ෂය සන්ධානගතවන බවද එජාප නියෝජ්‍ය නායකයා සඳහන් කරයි.

“විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ජනාධිපතිවරයා සමඟ එක්වීමට කැමැත්ත පළ කර තිබෙනවා” යැයි ඔහු පෙන්වාදෙයි.

එසේම ලබන වසරේ ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් මෙන්ම පළාත් සභා මැතිවරණයක්ද පැවැත්වෙනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *