ගවයන් සොරකම් කළ බහුකාර්ය සංවර්ධන නිලධාරියකු සහ තවත් පුද්ගලයකු අඹන්පොළ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
විශ්‍රාමික හමුදා නිලධාරියකු සතු ගවයන් දෙදෙනකු වෙල්යායක ගැටගසා සිටියදී මෙලෙස සොරාගෙන ඇති බව පොලිසිය පවසයි.
සොරාගන්නා ලද ගවයන් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


