අත්අඩංගුවට ගනු ලැබූ තරිඳු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට…

අත්අඩංගුවට ගනු ලැබූ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.


වෘත්තීය සමිති සන්ධානය විසින් ඊයේ (28) පස්වරුවේ පැවැත් වූ විරෝධතාවක් අතරතුර මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

විරෝධතාව පැවැත්වෙන අතරතුර ත්‍රිරෝද රථයක් තුළ සිටියදී මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම හා රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *