පාසල් සිසුවකු පැදවූ යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ 58 හැවිරිදි පුද්ගලයකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව ගන්දර ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික වරාය අධිකාරි සේවකයෙකි.
ගන්දර බෙලිවත්ත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුර සිදු කළ දාසය හැවිරිදි පාසල් සිසුවා ගන්දර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.


