ප්‍රංශ ජනපති අද දිවයිනට…

 ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් මහතා සංචාරයක් සඳහා අද(28) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතයි .

මෙම සංචාරයේදී ප්‍රංශ ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතයි.

කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබඳව දෙරටේ ජනාධිපතිවරුන් සාකච්ඡා කිරීමට නියමිත බව, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ පළමු වරටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *