පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් විදුහල්පතිනියට සහ දෙමව්පියන්ට තම නිරුවත පෙන්නා අත්අඩංගුවට…

කෝට්ටේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, කෝට්ටේ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනිය ඇතුළු දෙමාපියන් පිරිසකට සිය රහස්‍ය කොටස් හෙළිදරව් කළ බව කියන චෝදනාවක් මතය.

සමන්ත පීරිස් නම් හිටපු මන්ත්‍රීවරයෙකු වට්ස්ඇප් (WhatsApp) සමුහයක් හරහා අශ්ශීල ‘පෝස්ට්’ පළකරමින් විදුහල්පතිනියට හිරිහැර කරන බවට එම විදුහල්පතිනිය සහ මාපියන් වැලිකඩ පොලිසියට පැමිණිලි කළ බව පොලිසිය පවසයි.

ඒ අනුව පැමිණිල්ල විභාග කිරීම සඳහා පසුගිය ඉරිදා දෙපාර්ශවයම පොලිසියට කැඳවා තිබිණි.

එම පැමිණිලි විභාගයට සමන්ත පීරිස්, ඩෙන්සිල් පද්මසිරි සමඟ පොලිසියට පැමිණ ඇත.

එහිදී විදුහල්පතිනිය සහ මාපියන් පොලිසියට තවත් පැමිණිල්ලක් ගොනු කර ඇත්තේ ඩෙන්සිල් පද්මසිරි වැලිකඩ පොලිස් භෝජනාගාරයෙන් පිටව යද්දී තමන්ට නිරුවත පෙන්වූ බව කියමිනි.

එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ(26) නීතීඥවරයකු මාර්ගයෙන් මන්ත්‍රීවරයා වැලිකඩ පොලිසියට භාරවීමෙන් අනතුරුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *