මෝටර් රථ සහ භාණ්ඩ ප්‍රවාහන නැවක් ඇමලන්ඩ් වෙරළ ආසන්නයෙන් ගිනි ගනියි

නෙදර්ලන්ත දූපතක් වන ඇමලන්ඩ් වෙරළට ඔබ්බෙන් සාගරයේ, මෝටර් රථ 3,000 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්නකින් එක් නාවිකයෙක් මිය ගොස් තවත් 22 දෙනෙක් තුවාල ලබා තිබේ.

කාර්ය මණ්ඩල සාමාජිකයන් හුස්ම ගැනීමේ අපහසුතා, පිළිස්සුම් සහ වෙනත් තුවාල සහිතව රෝහල් ගත කර ඇත.

නෞකාවේ තිබූ විද්‍යුත් වාහන 25න් එක් වාහනයක් ගින්නට හේතුවන්නට ඇති බවත්, එසේම මෙම ගින්න දින ගණනක් පැවතිය හැකි බවත්, නෙදර්ලන්ත වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ.

එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව පසුගිය අඟහරුවාදා උතුරු ජර්මනියේ බ්‍රෙමර්හේවන් වරායේ සිට ඊජිප්තුවේ පෝට් සයිඩ් බලා පිටත්ව ඇත.

කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් ප්‍රථමයෙන් ඔවුන් විසින්ම ගින්න නිවා දැමීමට උත්සාහ කළ නමුත්, එය සාර්ථකවී නොමැති නිසා ඔවුන්ට එයින් ඉවත් වීමට සිදුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *