මෙරට නිෂ්පාදනය කරන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට අනුව වෛද්‍ය සැපයුම් අංශය විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
අදාළ කාණ්ඩ 02 රෝහල්වල භාවිතයෙන් ඉවත් කළද ඇස්ප්‍රින් ඖෂධයේ හිඟයක් රෝහල් තුළ නොමැති බවත් ප්‍රමාණවත් තරම් ඖෂධ රෝහල් තුළ පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සඳහන් කළේ.


