අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක්!

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යෝජනා කර තිබෙනවා.

ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10වන ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදීත් පැවැත්වීමට සුදුසු බවට ඔවුන් නිර්දේශ කර ඇති බවයි එහි සභාපති අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින ප්‍රවීණයන්ගෙන් අදහස් ලබාගෙන ඉදිරි දශක දෙකක කාලය ඉලක්ක කර ගනිමින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *