පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකුගේ සිරුරෙහි රහසඟ ගැටීමට සැලැස්වූ පුද්ගලයකු පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රාජකාරියේ නිරතව සිටි මෙම පොලිස් කොස්තාපල්වරියන් දෙන්නා සේවය නිමවා කොටුව පොලිස් ස්ථානයේ නේවාසිකාගාරයට නිල ඇඳුමින් යන අවස්ථාවේදී, ගුණසිංහපුර ආලෝක සංඥා පූවරුව අසලදී මෙම සැකකරු සිය ඇඳුම් උනාදමා, මෙලෙස පොලිස් නිලධාරිනියන්ට හිංසා කල බවපොලිසිය පවසයි.
පොලිස් කොස්තාපල්වරියන්ගේ කෑගැසීම ඇසුණු එම ස්ථානයේ සිටි පිරිසක් පළායමින් සිටි සැකකරු අල්ලා පොලිසියට භාරදී භාරදී තිබේ.


