GSP+ තීරුබදු සහනය තවත් වසර හතරකට දීර්ඝ කෙරේ!

යුරෝපා සංගමය මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන GSP + තීරුබදු සහනය තවත් වසර 4 කින් දීර්ඝ කිරීමට යුරෝපා කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2027 දෙසැම්බර් 31 වනදා දක්වා මෙම සහනය දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කරන්නේ.

GSP + තීරුබදු සහනය මෙම වසරේ දෙසැම්බර් 31 වනදායින් අවසන්වීමට නියමිතව තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *