ජොන්ස්ටන්ට එරෙහි නඩුවට දින නියම වෙයි!

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා.

එම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර තිබෙනවා.

ඒ අනුව නඩු විභාගය නොවැම්බර් මස 24 වන දා පැවැත්වීමට දින නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *