ජීව උණ්ඩ සහ අත්බෝම්බයක් සූක්ෂම ලෙස සඟවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි දී විදේශීය නිෂ්පාදිත TYPE 82 වර්ගයේ ජීව අත්බෝම්බයක් හා 9X9mm වර්ගයේ ජීව උණ්ඩ 04ක් සඟවා තිබියදී සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොහුවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැත.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.07.18 වන දින කොහුවල පොලිස් වසමේ අංක 43/11, වලව්වත්තපාර, ගංගොඩවිල, නුගේගොඩ ලිපිනයේ දී වැටලීම් සිදුකර ඇත.


