“වගකීම් වලින් පලා යන්නේ නැහැ”සෞඛ්‍ය ඇමති කියයි

තමාට එරෙහි විශ්වාසභංග යෝජනාවකට තමා පාර්ලිමේන්තුවේදී මුහුණදීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

වගකීම්වලින් පළායනවා වෙනුවට අභියෝගවලට මුහුණදෙන බව ඇමති වරයා වැඩිදුරටත් පවසා සිටියි.

“වගකීම්වලින් පළානොයන බවට මම පොරොන්දු වෙනවා. එහෙම කාලයක් තිබුණා. නමුත් අපි අභියෝගවලට මුහුණදීලා මේ රටේ ජනතාවට සේවය කරනවා”.

වත්මන් සෞඛ්‍ය ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ හැකියාව පිළිබඳව තම පක්ෂය සාකච්ඡා කිරීම ආරම්භ කර ඇති බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කර ඇත.

ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් සහ එම ක්‍රියාවලියට සම්බන්ධ යැයි කියන අපචාර සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාට බොහෝ විවේචන එල්ල වී තිබේ.

වෛද්‍ය නොසැළකිල්ල වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ද ඔහු විවේචනයට ලක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *