ලියාපදිංචියක් නොමැති පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පොලීසියෙන් වටලයි!

දෙහිවල මල්වත්ත පාරේ ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන ගිය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පොලීසිය වටළා තිබේ.

පාස්ටර්වරයෙකු විසින් එය පවත්වාගෙන ගොස් තිබූ අතර, එහි රඳවාගෙන සිටි පුද්ගලයන් 35දෙනකු පොලිසිය භාරයට ගෙන ඇත.

මානසික ආබාධවලින් පෙළෙන්නන් 08 දනකු ඇතුළු පිරිසක් එහි රඳවා සිට තිබේ.

මෙම 35 දෙනාගෙන් පිරිසකට ලිපි ගොනු පවා නොමැති අතර, එක් අයකුගෙන් මාසිකව රුපියල් 30,000 කට වැඩි මුදලක් අයකර ඇති බවද පොලීසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *