දෙමෝදර බස් අනතුරකින් 18කට තුවාල…

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් අද (ජූලි 15) දෙමෝදර ජල පවිත්‍රාගාරය ආසන්නයේදී පාරෙන් ඉවතට පැන පෙරළී තිබේ.

ඇල්ල පොලිසිය සඳහන් කළේ, අනතුරින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට සහ බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කළ බව ය.

අද පෙරවරු 10.00ට පමණ මෙම අනතුර සිදු වී ඇත.

බස් රථය පෙරළීමෙන් පසු උඩුයටිකුරු වී තිබූ බව ද පොලිසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *