එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි නායකත්වය සම්බන්ධයෙන් අනවශ්‍ය ගැටලුවක් ඇති නොවීම පිණිස නව නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
සමාන තත්ත්වයේ බලතල සහිතව නායකත්ව මණ්ඩලයක් පත් කිරීමෙන් සැබෑ නායකයන්ට ඉදිරියට පැමිණීමට අවස්ථාව ලැබෙන බව ත් එසේ කළ නොහැකි අයට පසුබැසීමට සිදුවන බව ත් ජනාධිපතිවරයා පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට දැනුම් දී ඇත.
ජනාධිපති ධූරයේ රාජකාරි බහුල බැවින් පක්ෂ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට නොහැකි වීමත් පක්ෂයට දෙවන පෙළ නායකයන් කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමේ අවශ්‍යතාවත් පාදක කර ගනිමින් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව, අගෝස්තු මාසයේ මැද පැවැත්වීමට නියමිත එජාප සංවත්සර සම්මේලනයට මෙම යෝජනාව ඉදිරිපත් කර අනුමත කර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.


