රාජකාරී කාලය අතරතුර නිරුවතින් වීඩියෝ ඇමතුම් ගත් පොලිස් කොස්තාපල්වරියගේ වැඩ තහනම්!

රාජකාරි කාලය අතරතුර නිරුවතින් වීඩියෝ ඇමතුම් ලබාගත් පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

මිල්ලනිය පොලිසියේ කාන්තා භට නිවාසය තුළ රාජකාරී කාලයේදී පොලිස් කොස්තාපල්වරිය මෙලෙස වීඩියෝ ඇමතුම් ලබා ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් කොස්තාපල්වරියගේ පෙම්වතා බව කියන පුද්ගලයකු විසින් මෙම වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් පසු විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව වැඩ තහනම් කිරීමට පියවර ගත් බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *